අඛණ්ඩව 6 වන වසරටත් අලියාන්ස් ලොව අංක 1

අඛණ්ඩව 6 වන වසරටත් අලියාන්ස් ලොව අංක 1 රක්ෂණ සනාමය ලෙස ශ්‍රේණි ගත වී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රක්ෂණ සමාගමක් සහ Allianz SE ගෝලීය දැවැන්තයාගේ සාඩම්බර කොටස්කරුවෙකු වන Allianz Lanka විසින් Interbrand Best Global Brands ශ්‍රේණිගත කිරීම් තුළ අඛණ්ඩව 6 වන වරටත් ලොව අංක 01 රක්ෂණ සන්නාමය ලෙස පිදුම් ලැබූ බව ඉතා අභිමානයෙන් යුතුව දන්වා සිටියි. Allianz මෙම ජයග්‍රහණය වෙත ළඟා වන්නේ වත්කම්වල 13% ක වර්ධනයක් දක්වමින් ඩොලර් බිලියන 23.56 ක වත්කම් ප්‍රමාණයක් වාර්තා කරමින් සහ සමස්ත ශ්‍රේණිගත කිරීම්වල 29 වැනි ස්ථානයටද පත්වෙමින්ය.  ගෝලීය රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශ්වසනීය නායකත්වයක් ලෙස ස්ථානගත වීම උදෙසා, සුවිශේෂී වටිනාකම් එකතු කිරීම සහ නව්‍යකරණය වෙනුවෙන් අලියාන්ස් දක්වන කැපවීම මෙම ජයග්‍රහණය තුළින් විද්‍යාමාන වේ.

පොදුවේ Allianz Lanka ලෙසින් හඳුන්වන Allianz Insurance Lanka Ltd. සහ Allianz Life Insurance Lanka Ltd. යන ද්විත්වයම, ජර්මනියේ මියුනිච් නගරයේ මූලස්ථානය පිහිටා ඇති රක්ෂණ සහ වත්කම් කළමනාකරණය තම ප්‍රධාන සේවාවන් කරගත් Allianz SE නම් ගෝලීය මූල්‍ය සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form