අගමැතිනියගේ කාන්තා දින පණිවුඩය

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද දවසේ, අප ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.

අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩයක් යොමු කරමින් අගමැතිවරිය ඒ බව පෙන්වා දෙයි.

එම පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

“මෙය අප ලබා ඇති ජයග්‍රහණය සැමරීමට පමණක් නොව, ලොව පුරා කාන්තාවන්ගේ ජීවිතවලට බලපාන ව්‍යුහාත්මක අසමානතාවයන්ට මෙන්ම ස්ත්‍රී විරෝධී මතවාදයන්ට මුහුණ දීමටත් එකට එක්විය යුතු කාලයකි.”

“ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, දේශපාලනික බැහැර කිරීම්, ග්‍රාමීය ප්‍රජාවේ කාන්තාවන්ට, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන්ට, වතුකරයේ සහ අවිධිමත් කම්කරු අංශයේ කාන්තාවන්ට වැනි වෙනස් සමාජ කණ්ඩායම්වලට අසමාන ලෙස බලපායි.”

 මෙම ජාත්‍යන්තර කාන්තා දිනයේදී, වචනවලින් ඔබ්බට ගොස්, අතීත, වර්තමාන හා අනාගත පරම්පරාවන් උදෙසා ක්‍රියාත්මක වෙන බවත් දිගුකාලීන වෙනසක් සඳහා කැපවී කටයුතු කරන බවත් අගමැතිනිය නිකුත් කළ පණිවුඩයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form