අදත් විදුලි කප්පාදුවක්

අද (11) දිනයේ දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ.

කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය අතරතුර සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

ඊට අමතරව පාරිභෝගික ගිණුම් අංකය කෙටි පණිවිඩයක් මගින් 1987 ක්ෂණික දුරකථන අංකයට යැවීමෙන් ද විදුලි කප්පාදුව සිදුවන වේලාවන් පිළිබඳ දැනගත හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර ඊයේ දිනයේ ද දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරුණි.

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ලබන සිකුරාදා වන විට ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ, කඩිනමින් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීමට උත්සහ දරමින් සිටින බවය.

කෙසේවෙතත් අදාළ බලාගාරය ජාතික පද්ධතියට සම්බන්ධ කරන තෙක් විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බව ධම්මික විමලරත්න මහතා සඳහන් කළේය.

විදුලි කප්පාදුව සිදුවන වෙලාවන් සහ කලාප පිළිබඳ තොරතුරු පහතින් දැක්වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form