අදානි කොළඹ වරායේ සිට ඇමරිකාවට ටොක්කක් අනී.. ණය ඉල්ලීම අත්හිටුවයි..

කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය සදහා ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප පෞද්ගලික සමාගම අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය අරමුදල (IDFC) වෙතින් ඉල්ලූ ඩොලර් මිලියන 553 ක ණය ඉල්ලීම ඉල්ලා අස් කරගෙන ඇත.

එම සංවර්ධන කටයුතු සඳහා අදානි සමාගමේ අභ්‍යන්තර අරමුදල් භාවිතා කිරීමට තීරණය කර ඇති බවවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත.

ගෞතම් අදානිට එරෙහිව අමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා ගොනුකර තිබීම හේතුවෙන් අදානි සමූහය මෙම තීරණය ගෙන තිබේ.

සමාගම පවසන්නේ කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර 2025 මුල් භාගය වන විට එය ආරම්භ කිරීමට නියමිත බවත්ය.

අදානි සමූහ ව්‍යාපාරයට වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ 51% ක කොටස් හිමිව ඇති අතර, එහි සීමාසහිත China Merchants Port Holdings Co Ltd විසින් පවත්වාගෙන යනු ලබන පර්යන්තයක් ද වෙයි.

 ශ්‍රී ලංකාවේ සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමට එම පර්යන්තයේ 34% හිමිවන අතර ඉතිරි කොටස  ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form