අනියම් ප‍්‍රාඩෝ මන්ත‍්‍රී ජෝඩුව ගැන නිල බිරිදගෙන් ඉහලම තැනකටත් පැමිණිලි…

තම මන්ත්‍රී සැමියා තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්වරියක් සමග පවත්වන අනියම් සම්බන්ධතාවය සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥ බිරිඳ විසින් ආණ්ඩුවේ ඉහළම තැනකටද කර ඇති බව වාර්තා වෙයි.

මෙම බිරිඳ පසුගියදා සිදුවීම සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියටද පැමිණිලි කර ඇත.

තමන් භාවිතා කරන ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයද තම සැමියා විසින් ගෙන ගොස් ඇති බවටත් ඔහු එය කුමන ආකාරයේ කටයුත්තකට භාවිතා කරන්නේද යන්න නොදන්නා බවටත් ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි.

පොලිසිය පැමිණිල්ල්ට අදාළ නීතිමය කටයුතු ඉදිරියට ගෙන යමින් පවතී.

නීතිඥ බිරිඳ විසින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළම තැනකටද පැමිණිලි කර ඇත්තේ ඒ අතරවාරයේදීය.

මේ අතර මෙම සිදුවීම සම්බන්දයෙන් තමන් සම්බන්ධ කර සමාජ ජාලවල අසත්‍ය පතුරුවන බව කියමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී කෞෂල්‍යා ආරියරත්න මහත්මිය රහස් පොලිසියට පැමිණිලි කර ඇති අතර අදාල පැමිණිල්ල ඇයට කිසිදු සබදතාවක් නැති බවත් ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form