අනුර ප‍්‍රියදර්ශණ යාපා සහ බිරිද අත්අඩංගුවට ගනි..

හිටපු අමාත්‍ය අනුර ප්‍රියර්දශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් විසින් 2014 වර්ෂයේ අග භාගයේදී බිංගිරිය හා නාරම්මල යන ප්‍රදේශවල ගංවතුරෙන් අවතැන් වූ පුද්ගලයින් හට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට අයත් රුපියල් 6,146,110ක මුදලක් ලබා ගෙන එම මුදල් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා භාවිතා නොකොට 2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදවමින් මහජන මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම හා පොදු දේපල පනතේ ගැනෙන වැරදි සිදු කිරීම හේතුවෙන් නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ 2025.01.23 වන දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව වැඩිදුර විර්මශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form