අපි ආවේ ටෙස්ට් තරගයකටයි.. එන මාසේ හයේ, හතරේ ඒවා ගහනවා.. එතකොට අත්පුඩි ගහන්න..

තම ආණ්ඩුව බලය ගත්තේ අවුරුදු 5ක ටෙස්ට් තරඟයක් සඳහා බව ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි.

20-20, එක්දින, ටෙස්ට් තරඟ යනුවෙන් ක්‍රිකට් තරඟ වර්ග ගණනාවක් ඇතත් තමන් ආවේ ටෙස්ට් තරගයකට බවත් ඒ මහතා පැවසුවේය.

බදුල්ලේදී ජන හමුවක් අමතමින් ඔහු මෙසේ පැවසුවේය.

“අපි ගහන්නේ 20/20 මැච් එකක් නෙමෙයි. 20/20 මැච් නම් පටන් ගත් වෙලාවේ ඉඳලා නෙළනවා. හයේ හතරේ ඒවා ගහන්න හදනවා.

ටෙස්ට් මැච් එහෙම නෙමෙයි. පන්දු තෝරගන්නවා. පිටිය අඳුන ගන්නවා. පන්දු එවන්නේ කවුද බලනවා. හැබැයි පිටියේ ස්ථාවර වුණාම ලකුණු රැස් කරන්න පටන් ගන්නවා.

දැන් පිටිය ටිකක් ස්ථාවරයි. අපිත් ලබන මාසේ ඉඳලා හයේ හතරේ පහරවල් ටිකක් ගහන්න බලනවා. එතකොට අත්පොළසන් දෙන්න. ලකුණු ගන්න කොට සන්තෝෂයිනේ.

සමහරු සමහරු කියනවා තට්ටු කර කර ඉන්නවා. අල්ල අල්ල ඉන්නවා කියලා. එහෙම තමයි ටෙස්ට් මැච්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form