අපි කියන්නේ ඇත්තමයි…මාලිමාව බොරු කියන්නේ නැහැ…

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විශේෂ සටහනක් තබා තිබුනා.

ඒ අනුව ආණ්ඩුව සම්බන්ධයෙන් විපක්ෂය විසින් සිදු කරන ප්‍රකාශයක්  ගැන ඔහු මෙලෙස අදහස් දක්වා සිටියි.

ආණ්ඩුව බොරු කිව්වේ යයි විපක්ෂය විසින් එල්ල කරන චෝදනා අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

සත්‍ය වශයෙන්ම බොරු කියා ඇත්තේ අද විපක්ෂයේ සිටිනා කණ්ඩායම් බව ද පැවසු ඔහු ජාතික ජන බලවේගය අසත්‍යයක් පවසා නැතැයිද කියා සිටී.

පඬුවස්නුවර ප්‍රදේශයේදී පැවැති ජාතික ජන බලවේගය වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.

මෙතෙක් මෙරට පැවති ආණ්ඩුවලින් වැඩිපුරම ජාත්‍යන්තර සබඳතා පවතින ආණ්ඩුව තම ආණ්ඩුව බවට පත්වී ඇත්තේ විපක්ෂය කියූ බොරුවක් හෙළි කරමින් බවද හෙතෙම එහිදී කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form