අයවැය එන තෙක් වාරිකය ලැබෙන්නෑ..- මහ බැංකු අධිපති

2025 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දෙන සිවුවැනි ණය වාරිකය ලබාදීම ප්‍රමාද වනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මැතිවරණ දෙකක් ආසන්න කාලයේදී පැවැත්වීම මත මුල්‍ය අරමුදලේ තුන්වැනි සමාලෝචනයද පැවැත්වීම ප්‍රමාද වූ බවත් හෙතෙම පැවසුවේය.

රජය අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සිව් වැනි වාරිකය අනුමත කරනු ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

වසර දෙකක් පුරා පවත්වා ගෙනගිය ණය වැඩපිළිවෙලේ අවසන් අදිරියට දැන් පැමිණ ඇති බවත් ඒ අනුව 2025 වසරේදී ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form