අර්චුනාට පාර්ලිමේන්තුවේ වාරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට පාර්ලිමේන්තුවේ වාරණයක් පැනවීමට කතානායකවරයා තීරණය කර ඇත.

අද(19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව ලබන මැයි 8 වැනිදා දක්වා පැවැත්වෙන සියලු පාර්ලිමේන්තු සැසිවාරවලදී මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශනය කිරීමත්, සජීවී විකාශනය කිරීමත් තහනම් කර ඇති බවයි.

එම දිනවල ඔහුගේ ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ද ඉවත් කිරීමට තීරණය වී තිබේ.

අදාළ කාලපරිච්ඡේදය තුළ මන්ත්‍රීවරයාගේ හැසිරීම නිරීක්ෂණය කර, එම වාරණය ඉවත් කිරීම පිළිබඳව සලකා බැලීමේ හැකියාවක් ඇති බව ද කතානායකවරයා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් නිරන්තරයෙන් ලැබෙන පැමිණිලි සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form