අවතැන් ජනතාවට අපි පක්‍ෂ අරමුදලෙන් කෑම බීම දෙන්නේ… විජිත හේරත්

ආපදා තත්ත්වයන් හමුවේ විපක්ෂයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අමාත්‍ය විජිත හේරත් මහතා ස්වාදීන රෑපවාහිනියේ වැඩසටහනකදී  පැවසවේ  පක්ෂය ආණ්ඩුවක් ලෙස රජයේ යාන්ත්‍රණය මෙන්ම පක්ෂයේ සම්පත්ද භාවිතා කරමින් සහන සේවා කටයුතු සිදු කරන බවය. 

තම පක්ෂයේ සාමාජිකයන් හුදෙක් පක්ෂ අරමුදල් පමණක් නොව, තම පෞද්ගලික මුදල් පවා වියදම් කරමින් මෙම කැප කිරීම් සිදු කරන බව ඔහු අවධාරණය කළේය.

විපක්ෂයෙන් චෝදනා එල්ල වන්නේ පක්ෂ අරමුදල් ආධාර ලබා දීම සඳහා පාවිච්චි නොකරන්නේ මන්ද යන්න පිළිබඳවය. ඊට ප්‍රතිචාර දක්වමින් අදහස් දැක්වූ ඔහු, තම පක්ෂය ආණ්ඩුව බැවින් ආණ්ඩුවේ යාන්ත්‍රණයද භාවිතා කරන අතර, පක්ෂයක් විදිහටද සම්පත් භාවිතා කරන බව පෙන්වා දුන්නේය.

මෙම සහන සේවා කටයුතුවලදී පක්ෂ සාමාජිකයන් දැවැන්ත කැපවීමක් සිදු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම විපත්දායක අවස්ථාවේදී පක්ෂයේ සම්පත් භාවිතා කරන බවත්, ආණ්ඩුවේ සම්පත්වලට අමතරව පක්ෂයේ මුදල් පාවිච්චි කරමින්, විපතට පත්වූ ප්‍රදේශවලට කෑම බීම ලබා දීමට සහ විවිධ සහන සේවා සංවිධානය කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

මෙම කැප කිරීම් සහ මුදල් වියදම් කිරීම එදත් කළ බවත්, අදත් අඛණ්ඩව සිදු කරන බවත් තවදුරටත් අවධාරණය කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form