අශෝක රන්වල වෛද්‍යවරයෙක්.. ‘ආචාර්ය’ කීවේ ජනතාවයි..- මාලිමා මන්ත‍්‍රී

හිටපු කතානායක අශෝක රන්වල මහතා වෛද්‍යවරයෙකු බව ජාතික ජන බලවේග යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාර මහතා පවසයි.

අශෝක රන්වල තමන් ඩොක්ටර් ලෙස හඳුන්වා ගත්තේ නැති බවත් ජනතාව විසින් එලෙස ඔහුට ආමන්ත්‍රණය කළ බව ද මන්ත්‍රීවරයා කියයි.

1989 ජපානයට ගොස් අශෝක රන්වල මහතා නැවත පැමිණියේ වෛද්‍යවරියක සමග විවාහ වී බව ද ඔහු සඳහන් කරයි.

ජපානයේ දී රන්වල මහතා වෛද්‍ය විද්‍යාව හදාරා වෛද්‍ය උපාධිය ලබා ගත් බව ද මන්ත‍්‍රීවරයා කියා සිටී.

ඒ ගැන විවේචන කරන්නේ විපක්ෂයේ නොදැනුවත්කම හෝ ජනතාව නොමග යැවීම සඳහා බවත් ඔහු පැවසුවේ අන්තර්ජාල නාළිකාවක් සමග සාකච්ඡාවකදීය.

ඩේලි මිරර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form