අස්වැසුම සඳහා ලබා දුන් කාලය දීර්ඝ කෙරේ

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක්  දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන කාල සීමාව 2024.12.09 දක්වා දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර ඇත.

අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් හට ඊට අයදුම් කිරීම සඳහා  2024.11.25 දින සිට 2024.12.02 දක්වා සහන කාලයක් මීට පෙර ලබා දී තිබුණි. 

නමුත් රට තුළ පවතින අයහපත් කාලගුණික තතත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස කාලය නැවත වරක් දීර්ඝ කිරීමට පියවර ගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form