අසැබි දර්ශන අන්තර්ජාලයට ගියොත් කරන්නෙ මෙහෙමයි

අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන යොමුකර පුද්ගලයන් බිය වැද්දීම හා තර්ජනය කිරීමේ සිදුවීම් වල වැඩිවීමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්‍ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කරනවා.

ඒ, අනුව වසරේ මේ දක්වා කාලය තුළ එවැනි සිදුවීම් 1100 අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

එම සිදුවීම් අතර ප්‍රේම සබඳතා බිද වැටීමත් සමග අනෙක් පාර්ශවය බිය වැද්දීම සඳහා සිදුකර සිදුවීම් වැඩි සංඛ්‍යාවක් ඇති අතර එවැනි සිදුවීම් පිළිබඳ කලබල වීම අවශ්‍ය නොවේ.

ඒ පිළිබඳ සාක්ෂි සොයා ගැනීමෙන් පසු ළඟම පිහිටි පොලිසියට පැමිණිලි කල හැකි අතර පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ද ඒ පිළිබඳව පැමිණිලි කිරීමට හැකි බව ඉංජිනේරුවරයා වැඩිදුරටත් පවසනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form