ආනයනයේදී වාහන මිල වැඩිවෙනවා.. නැතොත් මුල්‍ය ආයතන අමාරුවේ..- ජනපති

පෙබරවාරි මාසයේදී වාහන වෙළඳපළ යළි විවෘත කිරීමෙන් පසු වාහන මිල ඉහළ යනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ඉන් අනතුරුව ක්‍රමිකව වෙළඳ වල හැසිරෙන ආකාරය නිරීක්ෂණය කළ හැකි බවද හෙතෙම කියා සිටී.

පළමු මාසයේදීම ඩොලරය මත වැඩිත් තෙරපුමක් ඇති නොවීමට කටයුතු කළ යුතුව ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙරට තුළ දැනට පවතින දෙවන පෙළ වාහන වෙළඳපළේ මිලද සම්බන්ධයෙන්ද සැලකිලිමත් විය යුතු බවත් පැවසූ ඔහු ගෙන්වන වාහන විශාල ලෙස මිල අඩු වුවහොත් හෝ පරතරය අඩු වුවහොත් බැංකු පද්ධතිය ඇතුළු මුල්‍ය ආයතන අර්බුදයකට යනු ඇති බවත් සඳහන් කළේය.

මෙන්ම මෙවර වාහන ආනයනේදී වාහන තීරු බදු සහන බලපත්‍ර සඳහා අවසර ලබා නොදෙන බවත් ඉදිරියේදී ඒ ගැන සලකා බලය හැකි බවත් පැවසු ඔහු දැනටමත් නිකුත් කරන ලද වාහන විසි දහසක් පමණ තිබෙන බවත් පැවසීය.

සිරස රූපවාහිනිය පැවැති වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form