ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ අපනයනයට ඉතාමත් අහිතකර ලෙස බලපාන බව කොළඹ විශ්ව විද්‍යාලය ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර පියංග දුනුසිංහ මහතා සඳහන් කරයි.

ලංකාව තරගකාරී සැපයුම්කරුවන් වන වියට්නාමය වැනි රටවල් වලට අඩු තීරු බදු අනුපාත නම් කිරීම සහ ඇමරිකානු වෙළඳපළේ භාණ්ඩ මිල ඉහළ යාම මත ඇතිවන උද්ධමනකාරී තත්ත්වය මීට හේතුවනු ඇති බවද හෙතෙම කියා සිටී.

“ලංකාවේ අපායනය කෙරෙහි මේ තත්ත්වය ඉතාමත් අහිතකර විදිහට බලපානවා කරුණු කීපයක් හේතුවෙන්.

පළවෙනි කාරණාව තමයි ලංකාව තරඟකාරීව අපයන කටයුතුවල නිරත රටවල් වලට ලංකාවට වඩා අඩු තිරුබදු ප්‍රතිසතයක් අය වූ දැනට මත් වෙලා තියෙන ආකාරයට වියට්නාමය වගේ රටවල් වලට අදාළව එවැනි තත්ත්වයක් ලංකාවේ භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම පහත හෙළීමට බලපානවා.

දෙවන කාරණාව තමයි මෙවැනි ඉහළ තීරු බද නැංවීම උඩ ඇමෙරිකානු වෙළඳ පළේ භාණ්ඩ මිල ඉහළ යෑමත් එක්ක ඒ හරහා ඇතිවෙන උද්ගමන තත්ත්වය පාරිභෝකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය පහළ යෑම හේතු කොටගෙන.

එයත් ලංකාවේ රටවල් වල විශේෂයෙන්ම ඇඟළුම් වැනි භාණ්ඩ වලට තියෙන ඉල්ලුම පහතෑමට හේතු වෙනවා.

සමස්තයක් විදිහට ගත්තහම මේ තුළින් ප්‍රකාශ වෙන කාරණාව තමයි ලංකාවේ අපනයන කෙරෙහි අහිතකර තත්වයක් ඉදිරියේදී ඇතිවීමට නියමිතයි’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form