ඇමරිකාව තුළ ටික්ටොක් තහනම් කිරීමට තීරණය කරයි..

අභියාචනය අසාර්ථක වීමෙන් පසු ඇමරිකාව තුළ ටික්ටොක් සමාජ මාධ්‍යය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

2025 වසරේ මුල් භාගයේ සිට මේ අනුව ටික්ටොක් තහනම ක්‍රියාත්මක වනු ඇති.

ඇමරිකාව තුළ එය තහනම් කිරීමට හෝ එහි අයිතිය වෙනස් කිරීමට එරෙහිව ඉදිරිපත් කෙරුණු අභියාචනය අධිකරණයෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ටික්ටොක් සමාජ මාධ්‍ය සමාගම බලාපොරොත්තු වූණේ ෆෙඩරල් අභියාචනාධිකරණය මිලියන 170 ක ඇමරිකා පරිශීලකයින් වෙනුවෙන් තම අභියාචනයට එකඟ වනු ඇති බවයි.

කෙසේ වෙතත් ටික්ටොක් සමාගම පවසන්නේ එය දැන් ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන යන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form