ඇමරිකාව තුළ ටික්ටොක් තහනම් කිරීමට තීරණය කරයි..

Spread the love

අභියාචනය අසාර්ථක වීමෙන් පසු ඇමරිකාව තුළ ටික්ටොක් සමාජ මාධ්‍යය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

2025 වසරේ මුල් භාගයේ සිට මේ අනුව ටික්ටොක් තහනම ක්‍රියාත්මක වනු ඇති.

ඇමරිකාව තුළ එය තහනම් කිරීමට හෝ එහි අයිතිය වෙනස් කිරීමට එරෙහිව ඉදිරිපත් කෙරුණු අභියාචනය අධිකරණයෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ටික්ටොක් සමාජ මාධ්‍ය සමාගම බලාපොරොත්තු වූණේ ෆෙඩරල් අභියාචනාධිකරණය මිලියන 170 ක ඇමරිකා පරිශීලකයින් වෙනුවෙන් තම අභියාචනයට එකඟ වනු ඇති බවයි.

කෙසේ වෙතත් ටික්ටොක් සමාගම පවසන්නේ එය දැන් ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන යන බවයි.