එක්දින තරඟාවලියේ ජයත් නවසීලන්තය සතු කරගනී
ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැති තීරණාත්මක තුන්වන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 41ක ජයක් ලබා ගැනීමට නවසීලන්තය සමත් වූ අතර, ඒ සමඟ එක්දින තරඟාවලියද Black Caps සතු විය.
මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 337ක් ලබා ගත්තේ ඩැරල් මිචෙල් සහ ග්ලෙන් ෆිලිප්ස්ගේ අතිවිශිෂ්ට ශතක දෙකේ දායකත්වය මතය.
ඩැරල් මිචෙල් පන්දු 131කින් ලකුණු 137ක් රැස් කරමින් 4 පහර 15ක් සහ 6 පහර 3ක් එල්ල කළ අතර,
ග්ලෙන් ෆිලිප්ස් පන්දු 88කින් ලකුණු 106ක් ලබා ගනිමින් ඉන්දියානු පන්දු යැවීම දැඩි ලෙස අසරණකර දැමීය.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී
අර්ෂදීප් සිං (3/63) සහ හර්ෂිත් රණා (3/84) කඩුලු 3 බැගින් ලබා ගත්හ.
ලකුණු 338ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 45.6කදී ලකුණු 296කට සියලු කඩුලු අහිමි කරගත්තේය.
ඉන්දියාව වෙනුවෙන්
විරාත් කෝලි පන්දු 108කින් ලකුණු 124ක් ලබා ගනිමින් සටන්කාමී ශතකයක් වාර්තා කළද, ඔහුට අවශ්‍ය සහාය අනෙක් පිතිකරුවන්ගෙන් නොලැබුණි.
මැද පෙළින් නිතිශ් කුමාර් රෙඩ්ඩි (53) සහ හර්ෂිත් රණා (52) ප්‍රතිරෝධයක් දැක්වූවත් ජයග්‍රහණය අතහැර ගැනීමට එය ප්‍රමාණවත් නොවීය.
නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී
ක්‍රිස්ටියන් ක්ලාර්ක් (3/54) සහ සැක් ෆෝල්ක්ස් (3/77) තීරණාත්මක කඩුලු ලබා ගනිමින් ඉන්දියාවේ බලාපොරොත්තු බිඳ දැමීය.