ඉන්දීය නාඩු වරායෙන් බාන්නේ 110ට.. විකුණන්නේ 220ට.. කොමිස් එක කෝටි 770යි…

ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම සඳහා කටයුතු කිරීමෙන් අයුතු ලාභයක් උපයා ගැනීමට කටයුතු කරමින් ඇති බව ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටින්නේ ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත ස්වර්ණ නාඩු කිලෝවක් කොළඹ වරායට ගොඩ බාන්නේ කිලෝවක් රුපියල් 110 ට බවයි.

එම මිලට කොළඹ වරායෙන් ගොඩ බාන සහල් කිලෝවක් 220ක මිලට සිල්ලර වෙලද පලේ ආකාරය රජය ජනතාවට පැහැදිලි කළ යුතු බවද ඔහු පවසයි.

මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක් මෙරට ගෙන ආවොත් ඒ හරහා කොමිස් කුට්ටිය කෝටි හත්සිය හැත්තෑවක් බවද හෙතෙම කියා සිටියේය.

හෙතෙම කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form