ඉම්රාන්ට සහය දෙන විරෝධතාකරුවෝ අගනුවර කරා ගමනේ

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහය දක්වන විරෝධතාකරුවෝ විවිධ දිශාවලින් ඉස්ලාමාබාද් අගනුවර වෙත ගමන් කරමින් සිටිනවා.

පසුගිය මහමැතිවරණයේදී වර්තමාන ආණ්ඩුව විසින් ජනමතය සොරාගත් බව චෝදනා කරන ඉම්රාන් ඛාන් පවසන්නේ ළඟදී සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 26 වන සංශෝධනය මගින් ආණ්ඩුව සිය බලය වැඩි කරගෙන ඇති බවයි. මෙම පියවරයන්ට එරෙහිව විරෝධය දක්වන ලෙස ඉම්රාන් ඛාන් සිය අනුගාමිකයන් වෙත දන්වා සිටියා.

පාකිස්ථාන ජනයා වාසය කරන විදෙස් රටවල් කිහිපයක ද ඊයේ ඉම්රාන් ඛාන්ට සහය පළකරන උද්ඝෝෂණ පැවැත්වුණා.

පාකිස්ථානයේ උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා ඇතැම් ප්‍රදේශයන් හි ඉන්ටර්නෙට් පහසුකම් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම පොලිසිය ද විරෝධතා පාලනයට උත්සාහ ගනු දිස්වුණා. එහෙත් විරෝධතාකරුවන් සිය ගමන නවතා නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form