උතුම් දුරුතු පොහෝ දිනය අදයි

බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ දුරුතු පුර පසළොස්වක පෝය අද (13) යෙදී තිබෙනවා.

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේ ද දුරුතු පුර පසලොස්වක පොහෝ දිනකයි.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම දුරුතු පෝය දිනක සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද අදවන් වූ දුරුතු පොහොය දිනකයි.

දුරුතු පුර පසළොස්වක පෝය නව වසරේ ප්‍රථම පොහොය වන අතර, ඒ නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form