එක් දිනකදී රථ වාහන වැරදි 8,000  ක්

අද (28) පෙරවරු 6න් අවසන් වු පැය 24ක කාලය තුළ සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමේ දී බීමත් රියදුරන් 383 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව අදාළ කාලය තුළ සමස්ත රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 8,392 නෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

එහිදී මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1382 දෙනෙක්ද, බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් රියදුරන් 690 දෙනෙක්ද, අධිකවේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් 98 දෙනෙක්ද මෙන්ම අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය සම්බන්ධයෙන් රියදුරන් 59 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.

උත්සව සමයේ රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් පසුගිය 23 වනදා සිට දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form