එලොව පොල් පේන පොල් මිල

ලබන මාර්තු මාසය වනතුරු පොල් මිල පහළ බැසීමක් සිදු නොවනු ඇති බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එහි සභාපති ශාන්ත රණතුංග මහතා පැවසුවේ මාර්තු මාසය වෙනතුරු පවතින්නේ පොල් අවාරය නිසා කර්මාන්තවලට හා පාරිභෝගිකයන්ට පොල් බෙදා හැරීමේ තරඟයක් ඇති වීම මත පොල් මිල ඉහළ යන බවයි.

මෙම තත්ත්වය පොල් වාරය පැමිණ අස්වැන්න වැඩිවෙන තෙක් පවතින බවද හෙතෙම කියා සිටිය.

පවතින තත්ත්වයට විසඳුමක් ලෙස පොල් සංවර්ධන අධිකාරිය විසින් රජය සතු පොල් ඉඩම්වල ඵලදාව සතොස හරහා පාරිභෝගිකයන්ට සෘජුවම බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඔහු තවදුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form