එ.ජ.ප සහ ස.ජ.බ අතර ප්‍රබල බල හුවමාරුවක් නුදුරේදී

මැතිවරණ කොමිෂම් සභාව විසින් 2025 පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා භාර ගැනීම සදහා ඇපමුදල් තැම්පත් කිරීම ප්‍රසිද්ධියට පත්කර ඇති පසුබිමක ඒ සදහා ඉදිරිපත්වීමට නියමිත ප්‍රධාන පක්‍ෂ ඇතුළු සේසු පක්‍ෂ මේවන විට සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු දියත්කර ඇත.

ඒ අනුව මැතිවරණයක් ආසන්නයේ දක්නට ලැබෙන සුපුරුදු පක්‍ෂ හුවමාරු කිරීම විවිධ දේශපාලන පක්‍ෂ නියෝජිතයින් විසින් මේවන විටත් ආරම්භකර ඇති අතර නුදුරේදී සමඟි ජන බලවේග පක්‍ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්‍ෂය සහාය පල කිරීමේ සුදානමක් පවතින බවට පක්‍ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේග පක්‍ෂයේ තිස්ස අත්තනායක මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡාවන් කිහිපයක් සිදු කර ඇති අතර නුදුරේදීම මෙම පක්‍ෂ මාරු කිරීම සිදුවනු ඇති බවට දැනටමත් ඉගි පලකරමින් සිටි.

ඒ අනුව ඉහත සාකච්ඡා අතරතුර තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්‍ෂය වෙත සහාය පල කළ හොත් පක්‍ෂයේ ජාතික සංවිධායක ධූරය ලබා දීමට සූදානම් බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form