කම්කරු අමාත්‍යාංශයෙන් නව WhatsApp යෙදවුමක්

කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශයෙන් නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ.

තම සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ මහජනතාවට ද ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා  0707 22 78 77 යන මෙම නව whatsApp අංකය හඳුන්වා දුන් බව කම්කරු අමාත්‍යාංශය පවසයි.

කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ජනතාව අපේක්ෂා කරනු ලබන සහන සහ මැදිහත්වීම් කඩිනමින් සිදුකිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

එමෙන්ම පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ සේවා ගැටලු සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමත් මෙම නව whatsApp අංකය හඳුන්වා දීමේ තවත් එක් අරමුණක් බව කම්කරු අමාත්‍යාංශය  නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form