‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ මුළු රටම පිරිසිදු කරනවා..- වරාය සභාපති

“දුර්වලතා හඳුනාගෙන එම දුවර්ලතා මගහරවා ගෙන රටේ ජයග්‍රහණය උදෙසා එකතු වී කටයුතු කළයුතු කාලයකට අපි එළඹ සිටිනවා’ යයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පැවසීය.

මේ බැව් ප්‍රකාශ කළේ වරාය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය පරිශ්‍රයේ දී පසුගියදා පැවති 2025 සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු සභාපතිවරයා,

පසුගිය වසරේ අපි ලබා ගත් ජයග්‍රහණ ඉදිරියට ගෙනයමින් අලුතින් අපට භාර වී තිබෙන වගකීම් සමුද්‍රය මැනවින් ඉටුකිරීමට සැමදෙනාම දායක විය යුතු බවත් පැවසීය.

තවද ජනාධිපතිතුමා ගෙන යන “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” රජයේ ජනතාවාදි වැඩපිළිවෙල යටතේ මුළු රටම පරිසරයම පිරිසිදු කරමින් ප්‍රශස්ත සමාජ ආර්ථික වටපිටාවක් උරුමකර ගැනීමට අප එක්සත්ව කටයුතු කළ යුතු බව අවධාරණය කළේ ය.

මෙම අවස්ථාවට වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ඉංජිනේරු හේරත් ජයවර්ධන, කළමණාකාර අධ්‍යක්‍ෂ ගණක හේමචන්ද්‍ර යන මහත්වරු මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිලධාරින් හා සේවක මහත්ම මහත්මීහු රැසක් එක්වූහ.

– Media unit

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form