කාලගුණයේ වෙනසක්

උතුරු, උතුරු මැද, නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට හෙට (16) දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපයක් හේතුවෙනි.

එම පද්ධතිය තව දුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවට කාලගුණ අනාවැකියේ සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළං ද අපේක්ෂා කළ හැකි බවයි.

මේ අතර, ධීවර සහ නාවික ප්‍රජාවට ද රළු මුහුද සහ දැඩි සුළං පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර 50ත් 60ත් අතර දක්වා ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

එම මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැවතිය හැකි වේ.

කන්කසන්තුරය සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද පැයට කිලෝ මීටර 50ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form