කැකුලු හාල් නෑ.. තෛපොංගල් දා පොංගල් බත උයන්න විදිහක් නෑ..

ආශ්‍රිත වතුකරයේ ලංකා කැකුළු සහල් හිගවිමත් සමග පොංගල් බත උයා ගැනිමට නොහැකිවිමෙන් මෙම ප්‍රදේශවල හිංදු ජනතාව දුෂ්කරථාවයන්ට පත්ව ඇත.

හිංදු ජනතාවගේ හිරු දෙවියන් නැමදිම හේවත් තෛපොංගල් උත්සවය මේ මස 14වන දිනට යෙදි ඇති අතර මේ නිමිත්තෙන් සෑම හිංදු නිවසකම කැකුළු සහලින් පොංගල් බතක් සකස් කිරිමට එම නිවසියන් කටයුතු කරති.

නමුත් පවතින ලංකා රතු සහාල් හිගවිම මත එම පිරිස් දුෂ්කරථාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ හිංදු භක්තිකයන් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයන් තුල ලංකා රතු කැකුළු සහාල් හිගයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන්ට පොංගල් බත සකස් කිරිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.

පොංගල් උත්සවය යනු හිරු දෙවියන් නැමද නව වසරේ වැඩ කටයුතු ආරම්භ කිරිමක් බවත් එම පොංගල් උත්සවය සැමරිම සදහා තමන් තම නිවෙස් ඉදිරිපිට පොංගල් බතක් සකස් කර හිරු දෙවියන් නැමදිමට පියවර ගන්නා බවත් එහෙත් මේ වන විට මෙම ප්‍රදේශයන් තුල පවතින ලංකා කැකුළු සහාල් හිග විමත් සමග තමන්ට නිසි ලෙස පොංගල් බත උයා පොංගල් උත්සවය සැමරිම දැඩි දුෂ්කර තත්වයකට පත්ව ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form