කැනඩාවේ අගමැති ජස්ටින් ටෘෘඩෝ පක්ෂ නායකත්වය අත්හරී

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ ඔහු නියෝජනය කරන ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ  ලිබරල් පක්ෂට නායකයෙක් පත්වන තුරු ඔහු අගමැති ධුරයේ සිටින බවය

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ මේ සතිය තුළ විශ්‍රාම යනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ අනුව ඔහු අද හෝ ඉදිරි දින කිහිපය තුළ එරට පාලක ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ගෙවුණු දින කිහිපය තුළ කැනේඩියානු දේශපාලන දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වූ අතර, ඔහුගේ මුදල් අමාත්‍යවරිය වූ ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ්, ඔහු සමඟ විරසකව ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම තත්ත්වය තීව්‍ර වුණි.

ඒ සමඟ ටෘෘඩෝගේ ජනප්‍රියත්වය තවත් තීව්‍ර වූ අතර එතැන් සිට ඔහු මහජන ඒකරාශීවීම් රැසක් මඟහැරි බව වාර්තා වුණි.

අගමැතිවරයා, ඔහු නියෝජනය කරන පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට වාර්තා පළවන්නේ එවන් පසුබිමකය.

ලිබරල් පක්ෂය දැඩි අසීරුතාවකට පත්ව සිටි 2013 වසරේදී කරලියට පැමිණි හිටපු අගමැති පුත්‍රයෙක් වන ජස්ටින් ටෘෘඩෝ එම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form