කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපස්සට නොගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
තාක්ෂණික දෝෂ හඳුනාගෙන ඒවා මගහරවා ගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රය නවීන අවශ්‍යතා හා සමාජ වෙනස්කම්වලට ගැළපෙන ලෙස යාවත්කාලීන කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත්, එය නවතා දැමීමට හෝ ආපස්සට ගන්නා අදහසක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා මේ අදහස් පළ කළේ අද (18) කිරිබත්ගොඩ පිහිටි ජාතික ජන බලවේගයේ මහජන සම්බන්ධීකරණ කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.