කෙහෙළියගේ දියණියන් හා බෑණා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සෙසු දියණියන් දෙදෙනා වන චමිත්‍ර ජයෂිකා රඹුක්වැල්ල සහ අමාලි නයෂිකා රඹුක්වැල්ල යන අයත්, ඔහුගේ බෑණා වන ඉසුරු පුලස්ති යන අයත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුව සිදුකර ඇත්තේ 2025 ජුනි 19 වන දින පෙරවරුවේදීය. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධ චෝදනාවක් යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form