කොට්ටච්චිට පක්‍ෂයෙන් වාරණයක්.

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසට උපදෙස් දී ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත.

කෙසෙල්වත්තල ගිම්පත ප්‍රදේශයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් ඇයගෙන් ප්‍රශ්නයක් විමසූ විට ඇය මෙසේ පැවසුවාය.

‘මට කණගාටුයි.. මාධ්‍යයට කතා නොකරන්නැයි පක්ෂයෙන් මට උපදෙස් දී ඇති නිසා මට මාධ්‍යයට කිසිදු අදහසක් පළ කරන්න බෑ..’

ඇය විසින් මෑතකදී මාධ්‍යයට කරන ලද මතභේදාත්මක ප්‍රකාශවලින් පසුව මෙම පියවර ගෙන ඇතැයිද වාර්තාවේ සදහන්ය.

කෙසේ වෙතත් මෙම වාර්තාව පල කර පැය කිහිපයකට පසු මන්ත‍්‍රීවරිය සිය සමාජ ජාල ගිණුමේ සටහන් තබා ඇත්තේ ඩේලි මිරර් පුවත්පතේ අසත්‍ය සහ වගකීම් විරහිත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව කණගාටුවට පත් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form