කොට්ටහච්චි ගියේ කාත් එක්කද? ඉන්නේ කාත් එක්කද?අදාල නෑ නේ –  ලාල්කාන්ත

පාර්ලිමේන්තු මන්ත්‍රීන් නිලන්ති කොට්ටචි සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පෞද්ගලික ගැටළු බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටච්චි සම්බන්ධයෙන් එළවන චෝදනාවන් පිළිබඳව මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් දක්වමින්.

ඔහු පවසා සිටියේ, ඒවා මාධ්‍යවලට හෝ රටේ ජනතාවට ඇති ඵලක් නොමැති බවත්, එම ගැටළුව පොදු දේවල අව භාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල නොවන බවත්, ඔවුන්ගේ පෞද්ගලික ගැටලු ඔවුන් විසදාගනු ඇති බවත්ය.

එමෙන්ම මෙවන් පෞද්ගලික කාරණා පුවත්පත්වල මුල් පුවත්වල වාර්තා කිරීමේ කිසිදු උවමනාවක් නොමැති බවත්, ජනතාවටද මෙවන් පුද්ගලික ප්‍රශ්නවලින් වැඩක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

“මම නම් කියන්නේ ප්‍රේම කරන අය ප්‍රේම කරගත්තාවේ. ඒවා මේ රජයේ දේපල පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයිනේ.

සමාජ මාධ්‍ය කියලා කිව්වට සමාජ මාධ්‍ය වගකීමෙන් වැඩ කරන්නේ නෑ. වැඩ කරන අයත් ඉන්නවාග හරියට.

එක කෙනෙක් නාන්නේ කොහොමද කන්නේ කොහොමද එයාගේ මොකක්ද ප්‍රේම සම්බන්ධතා පොදු දේවලුයි පුද්ගලික දේවලුයි පටලගෙන තියෙන්නේ මේ ඔක්කොම. සමාජ මාධ්‍යයක් එහෙමයි. සමහර මාධ්‍යයත් එහෙමයි.

මිනිස්සුත් එහෙමයි මිනිස්සුන්ටත් කාටවත් වැඩක් නෑනේ කොට්ටච්චි ඉන්නෙ කා එක්කද යන්නෙ කා එක්කද කියන එක. ඒක කොට්ටච්චියි ඒ පවුල්වල අයයි බලාගනී” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form