ගංවතුරෙන් හා සුලිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වැලිමඩදී සෞඛ්‍ය හා මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහනක්

ශ්‍රී ලංකාවට බලපෑ සුලිකුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය යාම් නිසා සිය දේපල හා ජීවන රටාව බිඳ වැටුණු ජනතාවගේ කායික හා මානසික සුවය උදෙසා, ARAMBUMA සහ Future Vision සංවිධාන එක්ව සංවිධානය කළ Joint Medical and Psychological Support Program වැඩසටහනේ පළමු දිනය දෙසැම්බර් 18 වැනිදා වැලිමඩ ප්‍රදේශයේදී සාර්ථකව පැවැත්වුණි.

මෙම සුවිශේෂී මානුෂීය වැඩසටහන වැලිමඩ බොරගස් ප්‍රඥාසේන විද්‍යාල පරිශ්‍රයේ පිහිටි තාවකාලික නවාතැන් මධ්‍යස්ථානයේ පවත්වන ලෙස ඉල්ලීම කර තිබුණේ හිටපු කම්කරු හා වෘත්තීය සමිති සබඳතා කැබිනට් අමාත්‍ය රවී සමරවීර මහතා විසිනි. ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට වහාම සෞඛ්‍ය හා මනෝසමාජීය සහය ලබාදීමේ අවශ්‍යතාවය හඳුනාගෙන, එම ඉල්ලීමට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍යවරුන් සහ කාර්යමණ්ඩලය, වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය මෙන්ම අදාළ නවාතැන් මධ්‍යස්ථානය භාර නිලධාරීන් විසින් සහයෝගය ලබා දෙන ලදී.

වැඩසටහන තුළදී, ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවන්ද ලබා දෙන ලදී. විශේෂයෙන්ම දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් සහ වයෝවෘද්ධ පුද්ගලයන් මුහුණ දෙන මානසික ආතතිය, භීතිය සහ ශෝකය අඩු කිරීම මෙහි ප්‍රධාන අරමුණක් ලෙස ක්‍රියාත්මක විය.

මෙම අවස්ථාවට ARAMBUMA සංවිධානයේ නිර්මාතෘ සහ සභාපති ඉන්දික සුරිආරච්චි මහතා ප්‍රමුඛ කණ්ඩායම, එමෙන්ම Future Vision සංවිධානයේ නිර්මාතෘ සහ සභාපති හෘද රෝග විශේෂඥ හර්ෂ සමරසිංහ මහතා සහ එම සංවිධානය නියෝජනය කළ කණ්ඩායම සක්‍රීයව සහභාගී වී, ජනතාව සමඟ සෘජුව සම්බන්ධ වෙමින් කටයුතු කරන ලදී.

ව්‍යසනයෙන් පසු බිඳ වැටුණු ජීවිත නැවත ගොඩනැගීමට සුවය, බලාපොරොත්තුව සහ මානව කරුණාව එක් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, ප්‍රදේශවාසීන්ගේ විශාල ප්‍රශංසාවට ලක්විය. ඉදිරි දිනවලදී මෙම වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් පීඩාවට පත් ප්‍රදේශවලද ක්‍රියාත්මක කිරීමට සංවිධායකයින් සැලසුම් කර ඇතිබව ඔවුන් ප්‍රකාශ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form