මහනුවර ගලහ ප්‍රදේශයේ කෝවිල් භූමියකින් සොයාගත් පාෂාණය ලැබ්‍රඩෝරයිට් වර්ගයට අයත් වන අතර, එයට ඉහළ වාණිජ හෝ වෙළෙඳපොළ වටිනාකමක් නොමැති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
අදාළ පාෂාණය ලැබ්‍රඩෝරයිට් ලෙස වර්ගීකරණය කර ඇති බැවින්, එය වෙළෙඳ වටිනාකමක් ඇති මැණික් ගලක් නොවන බවද එම වාර්තාවේ පැහැදිලි කර ඇත.
මෙම ගල ලැබ්‍රඩෝරසෙන්ස් (Labradorescence) ලෙස හඳුන්වන සුවිශේෂී දෘශ්‍ය ගුණාංගයක් ඇති අතර, සාමාන්‍යයෙන් නිල් පැහැයෙන් දිස්වන බව සඳහන් වේ.
තවද, මෙම පාෂාණය තවත් පාෂාණයක් තුළ තැන්පත් වී ඇති ලැබ්‍රඩෝරයිට් වර්ගයේ කුඩා ප්‍රමාණයක ගලක් බව හඳුනාගෙන ඇත.
ලැබ්‍රඩෝරයිට් යනු ෆෙල්ඩ්ස්පාර් ඛනිජ කාණ්ඩයට අයත් ගලක් වන අතර, එහි ඛනිජ ගුණාංග හඳුනාගත හැකි බවද වාර්තාවෙන් පෙන්වා දෙයි.
මෙම ඛනිජය තුළ දක්නට ලැබෙන සුවිශේෂී දේදුන්නක් ආකාරයේ දෘශ්‍ය සංසිද්ධිය හේතුවෙන් ලැබ්‍රඩෝරයිට් ගල් වර්ගය විද්‍යාත්මක වශයෙන් ප්‍රසිද්ධියක් උසුලන බවද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.