ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේ අද(07) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, නිවසේ රැඳී සිටි දෙදෙනෙක් ඉලක්ක කර වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි වැදීමෙන් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද අලුයම 4.35ට පමණ වෙඩි තැබීම සිදුව ඇති අතර නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙක් විසින් යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form