ග්‍රීන්ලන්තය ගැන ට්‍රම්ප්ගේ ස්වරය මෘදු වෙයි – යුරෝපයේදී කළ ප්‍රකාශය

ග්‍රීන්ලන්තය ආරක්ෂා කිරීමට හැකි එකම රට එක්සත් ජනපදය බවත්, එය අත්පත් කර ගැනීමට අමෙරිකාව වසර 200කට ආසන්න කාලයක සිට උත්සාහ කර ඇති බවත් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයට (World Economic Forum) අද (21) එක්වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පවසන පරිදි, ග්‍රීන්ලන්තය විශාල භූමි ප්‍රමාණයකින් යුක්ත වුවද, විශාල ලෙස ජනාවාස නොවූ හා සංවර්ධනය අඩු ප්‍රදේශයක් වන අතර, එයට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැතිව පවතී.

ග්‍රීන්ලන්තයට වැදගත් ඛනිජ සම්පත් නොමැති බවත්, එය අමෙරිකාවට වැදගත් වන්නේ උපායමාර්ගික ජාතික සහ ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් බවත් ඔහු අවධාරණය කර ඇත.

එමෙන්ම, ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයට අයත් බවට පැහැදිලි සලකුණු නොමැති බවත්, ඩෙන්මාර්කය එහි සංවර්ධනය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය ඉතා සීමිත බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා චෝදනා කරයි.

“මෙම විශාල භූමි ප්‍රදේශය, මෙම යෝධ අයිස් භූමිය ආරක්ෂා කිරීමට, සංවර්ධනය කිරීමට සහ ඉදිරියට ගෙන යාමට හැක්කේ එක්සත් ජනපදයට පමණයි,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව, ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ‘ක්ෂණික සාකච්ඡා’ ආරම්භ කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙම කරුණ සම්බන්ධයෙන් යුරෝපා රටවල් එක්සත් ජනපදයට සහයෝගය ලබාදිය යුතු බව පැවසූ ඔහු, එක්සත් ජනපදය බිඳවැටී ගියහොත් එහි බලපෑම සමස්ත ලෝකයටම පැතිර යනු ඇති බවද අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form