ඝාතන අඩුවක් නෑ… අදත් වෙඩිතබා දෙනෙකෙකු ඝාතනය කරයි…

අද දින අළුයම් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ වටරප්පල සෙම්බලන්කොටුව ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බවට ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇත.

වෙඩි වැදීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 36 ක්වූ සහ තුවාලකරු වයස අවුරුදු 20 ක් වන වටරප්පල පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form