ඝාතන උත්සාහයකින් දිවි ගලවා ගත් ජනපති

Spread the love

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගමන් කළ හෙලිකොප්ටරයක් ඉලක්ක කර යුක්රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.

එහෙත්, රුසියානු නිලධාරීන් පවසන පරිදි, ජනාධිපති පුටින් මෙම ප්‍රහාරයෙන් යන්තම් බේරී ඇත.

මෙම සිදුවීම පසුගිය (25) මධ්‍යම රාත්‍රියෙන් පසු, පුටින් අස්ථාවර දේශසීමා කලාපයක් වන කර්ස්ක් වෙත ගමන් කරමින් සිටියදී සිදුව ඇති බව වාර්තා වේ. අප්‍රේල් මාසයේදී යුක්රේන හමුදාව කර්ස්ක් කලාපයෙන් පලවා හරින ලද බව රුසියාව ප්‍රකාශ කිරීමෙන් පසු, පුටින්ගේ මෙම සංචාරය එම කලාපයට කළ පළමු ගමන වේ.