චෙම්මිණි සුසාණ භූමිය ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලයි…

මෙරට සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා (25 ) යාපනයේ ස්ථාන කිහිපයක සංචරයක නිරත විය.

පළමුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් වරයා යාපනය මධ්‍ය විද්‍යාලයට පැමිණ අනතුරුව යාපනය නල්ලූර් කෝවිලට ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කර්යාලයට ගොස් යාපනයේ සිවිල් ජංවිධාන නියෝජිතයින් , දේශපාලන නියෝජිතයින් මෙන්ම විශ්විද්‍යාල මහා ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සමග සාකච්ඡා කරන ලදි.

අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයා යාපනය චෙමිමිණි සුසාණ භූමිය අසල ආරම්භ කරන ලද විරෝධතාවයට ගොස් විරෝධතාකරුවන්ද හමු වී සාකච්ඡාවක නිරත වූ අතර එහිදි විරෝධතා කරුවන් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාට ඔවුන්ගේ ඉල්ලීම් 6 ක් ඇතුලත් සන්දේශයක්ද භර දෙනු ලැබීය.

මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයා යුද්දයෙන් මියිගිය ජනතාව වෙනුවෙන් උපහාර දැක්වීමක්ද සිදුකරනු ලැබීය.

විරෝධතාවයේ නිරත වූ ජනතාව මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේ චෙම්මිනි සමූහ මිනිස්ව‌ලේ කැනීම් කටුයුත වෙනුවෙන් ජාත්‍යන්තරය මැදිහත් වී ජනතාවට සාධාරණයක් ලබාදෙන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය සෘජු මැදිහත්වීමක් සිදුකරන ලෙසටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form