ජනපති ගැන ආඩම්බර වූ මහාචාර්ය කිත්සිරි දිසානායකට පොට පැටලෙයි. තමාගේ නොදැනුවත්කම ගැනත් කියයි…

හම්බන්තොට තෙල් පිරිපහදුවකට 2023 වසරේ දී ඩොලර් බිලියන හතරයි දශම පහකට රනිල්ලා කංචනලා අත්සන් කල ගිවිසුමම නැවත 2025 වසරේදී ඩොලර් බිලියන තුනයි දශම හතකට අත්සන් කිරීමෙන් රටට ඉතිරියක් ඉතිරි වන බව මහාචාර්ය කිත්සිරි දිසානායක මහතා සඳහන් කර ඇත.

ඒ හරහා ජනාධිපති අනුර දිසානායක රටට ඩොලර් මිලියන 800ක ඉදිරියක් කරදී ඇති බවත් තම චන්දයට වටිනාකමක් ජනාධිපතිතුමා විසින් ලබා දී ඇති බවත් හෙතෙම කියා සිටී.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම මේ බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් පසුව ඔහු එය එම සටහන ඉවත් කරමින් නව සටහනක් පළ කරමින් සඳහන් කරන්නේ තමන් එම ප්‍රකාශය සිදු කරන ලද්දේ තමන්ගේ නොදැනුවත්කම බව මතයි.

අදාල තෙල් පිරිපහදුව චීන ණය යටතේ සිදුවන ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන මුලින් ප්‍රකාශකය සිදුකළ ද නමුත් එය සෘජු විදේශ ආයෝජනයක් ලෙස තමන් දැන් දැනුවත් නිසා එම ඩොලර් මිලියන 800 වාසිය සිදුවන්නේ ශ්‍රී ලංකාවට නොව චීනයට බවද නව සටහනේ  සදහන්  කර  ඇත.

ලංකා c නිව්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form