ජනපති චීනයට.. එළැඹෙන ගිවිසුම් හත මෙහෙමයි..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පින් මහතාගේ ආරාධනාවක් මත චීනයේ සිවු දින නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිවු දින නිල සංචාරය හෙට (14) සිට 17 වැනිදා දක්වා සිදු කෙරනු ඇති බවත්, එහිදී ශ්‍රී ලංකාව සහ විනය අතර ආයෝජන, විදුලිබල ක්ෂේත්‍රය. ධීවර කර්මාන්ත සහ ආරථිකය ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් 7 කට අත්සන් තැබීමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

අවබෝධතා ගිවිසුම්වලට අමතරව වින ජනාධිපතිවරයා සමග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා වටයද පැවැත්වීමට නියමිත බවත්, එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කැපවීම් වලට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මෙන්ම ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා චීනය ලබාදී ඇති සහාය ඇතුළුව තවත් ද්වි පාර්ශ්වික වටිනාකමක් ඇති කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා වනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේම නිල සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අගමැති ලී කියැන්ග් සහ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති ෂාඕ ලේදී මුණගැසීමට නියමිත බව ද අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

යෝජිත අවබෝධතා ගිවිසුම්වලට කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය සහ තාක්ෂණය වැනි අංශ ද ඇතුළත් වන බව අමාත්‍ය හේරත් මහතා පැවැසීය.

එසේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහීනී ජාලය ඩිජිටල්කරණය කිරීමට චීනයේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අතරමග නැවතී ඇති මාර්ග ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම කෙරෙහි එහිදී අවධානය යොමු කිරීමට ද නියමිත බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form