ජනපති චීනයට යන්න පෙර තායිවානය චීන පලාතක් ලෙස පිලිගන්න කැබිනට් අනුමැතිය..

ශ්‍රී ලංකා රජය ” එක් චීනයක් ප්‍රතිපත්තිය ” අඛණ්ඩව අනුගමනය කර ඇති අතර, එමඟින් නීත්‍යානුකූල චීනය ලෙස මහජන චීන සමූහාණ්ඩුව පමණක් පිළිගන්නා බවත්, තායිවානය චීනයේ එක් පළාතක් ලෙස පමණක් පිළිගන්නා බවත් අදහස් කරනු ලබයි.

ශ්‍රී ලංකා රජයේ එකී ප්‍රතිපත්තිය ඒ අයුරින්ම තව දුරටත් අනුගමනය කරමින් ඊට අනුගතව කටයුතු කරනු ලබන බවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 14 වැනිදා චීනයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිතව ඇත.

චීන රජයෙන් ලැබුණු නිල ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වෙයි.

සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඇතුළු එරට බලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form