ජනාධිපතිගේ විවාහය ගැන ලෙඩක් අදින්න යයි

ජනාධිපති අනුර දිසානායක මහතාගේ විවාහය සම්බන්ධයෙන් විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානම් වන බවට, ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට සමීප මාධ්‍යවේදියෙකු වාර්තා කරයි.

මාධ්‍යවේදියා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පැහැදිලි කර ඇත්තේ, ජනාධිපතිගේ විවාහය සහ පෞද්ගලික ජීවිතය පිළිබඳ තොරතුරු දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇති බවයි. එයට හේතුව ඔහු මහජන ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයෙකු වීමයි.

එමෙන්ම, අග්‍රාමාත්‍යවරිය පිළිබඳවද ජනතාවට දැනගැනීමේ අයිතියක් ඇති බව ඔහු සඳහන් කර ඇත.

මෑත දිනවල, ජනාධිපති අනුර දිසානායකගේ විවාහය සම්බන්ධයෙන් සමාජ ජාලවල සංවාදයක් ඇති වූ අතර, එයට හේතුව වූයේ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් මතු කරන ලද කරුණු කිහිපයකි.

ජනාධිපති අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වූ දින සිට මෙන්ම ඊට පෙරද ඔහුගේ බිරිද කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවක පෙනී සිටී නැති බවද මෙම සංවාදයේදී අවධානයට ලක් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form