ජල මූලාශ‍්‍ර සිදේ.. ජල භාවිතය සීමා කරන්නැයි දන්වයි…

දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) සියලුම පුරවැසියන්ගෙන් ජල භාවිතය සීමා කරන ලෙසට ඉල්ලා සිටී.

විශේෂ දැන්වීමක් – ජල භාවිතය සීමා කරන්න!

දැනට දිවයින පුරා පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍රවල මට්ටම් දැඩිව පහත වැටී ඇත. එමෙන්ම උෂ්ණත්වය වැඩි වීමත් සමඟ ජල පරිභෝජනය ද ඉහළ ගොස් ඇත.

පානීය ජලය සෑම පරිභෝගිකයෙකුටම සමානව ලබා දිය යුතු බැවින්, වාහන සේදීම, ගෙවතු වගාව වැනි අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය භාවිතය අවම කරන්න.

ඔබේ දෛනික පානීය හා සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා පමණක් ජලය භාවිතා කරන්න.

මෙවැනි තත්ත්වයක් ඇති වූ විට පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශ වල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකිය.

කෙසේවුවත් මෙම වියලි හා අයහපත් කාලගුණික තත්ත්වය නිසා ජනතාවට මුහුණ දීමට සිදු වී තිබෙන දුෂ්කරතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ලෙස අප කණගාටුව ප්‍රකාශකරන්නෙමු

වැඩිදුර විමසීම් සඳහා – 1939

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form