ජාතික පුනරුදයට පෙළගැසෙමු – 77 වන නිදහස් දිනය අදයි

ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ පැවැත්වෙන 77 වන නිදහස් දින සැමරුම අදට (04) යෙදී තිබේ.


නව දේශපාලන සංස්කෘතියක් සහ නව ප්‍රවේශයක් මේ රටට අවශ්‍ය බව කියමින් පසුගිය සමයේ පෙළගැසුණු ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරමින් මෙවර නිදහස්දින උළෙල පැවැත් වේ.

ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උළෙල කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත්ව හා චාම් අයුරින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පවත්වන ලදි.

හමුදා සාමාජිකයන් 1873ක් පමණක් මෙවර උත්සවය සඳහා  සහභාගි කරවා ගැනීමට නියමිත අතර  නාවික සාම්ප්‍රදායිකව නිදහස් දින දහවල් 12.00ට මුහුදේ නෞකාවක් තුළ නාවික හමුදාව විසින් පවත්වනු ලබන වෙඩි මුර 25ක් පැවැත්වීම මෙවර ද පැවැත්වේ.

මෙවර නිදහස උලෙළ උත්කර්ෂවත්ව හා වියදම් අඩු කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කෙරුණු අතර වෙනත් නිදහස් උත්සවවලට සාපේක්ෂව මෙවර මහජනතාව වැඩි වශයෙන් සහභාගී වීමද දක්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form