ජාතික පුනරුදයට පෙළ ගැසෙමු – 77 වන නිදහස් දිනයට සියල්ල සූදානම්

‘ජාතික පුන­රු­ද­යට පෙළ­ගැ­සෙමු’ තේමාව යටතේ 77 වැනි නිද­හස් උත්ස­වය නිද­හස් චතු­රස්‍ර පරි­ශ්‍රයේ දී අභි­මා­න­වත් අන්ද­මින් පැවැ­ත්වී­මට සියලු කට­යුතු සූදා­නම් බව රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශය පව­සයි.

අඩු පිරි­වැ­ය­කින්, මහ­ජ­න­තා­වට සිදු වන පීඩා අවම වන අන්ද­මින් හා වැඩි ජන සහ­භා­ගි­ත්ව­ය­කින් යුතුව මෙවර නිද­හස් දින උත්ස­වය පැවැ­ත්වී­මට අමා­ත්‍යාං­ශය සැල­සුම් කර තිබේ.

හමුදා සාමා­ජි­ක­යන් 1,873කට හමුදා පෙළ­පා­ළිය සීමා කර ඇති අතර ගිය වස­රට සාපේ­ක්ෂව හමුදා පෙළ­පා­ළියේ සාමා­ජි­ක­යන් සංඛ්‍යාව 1,511කින් අඩු කර තිබේ.
මෙවර පෙළ­පා­ළිය සඳහා ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ආදිය යොදා නොගැ­නී­ම­ටත් තීර­ණය කර තිබේ. ඉකුත් වසරේ ගුවන් යානා 19ක් නිද­හස් දින උත්ස­වය වෙනු­වෙන් යොදා­ගෙන ඇති අතර මෙවර ජාතිය කොඩිය ගුව­නින් ගෙන යෑම සඳහා ගුවන් යානා තුනක් පම­ණක් යොදා ගනියි.

සාම්ප්‍ර­දා­යි­කව නිද­හස් දින දහ­වල් 12.00ට මුහුදේ නෞකා­වක් තුළ නාවික හමු­දාව විසින් පව­ත්වනු ලබන වෙඩි මුර 25ක් පැවැ­ත්වීම මෙවර ද පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form