ජීවිතයට සමුදුන් ගුවන් නියමුවා ගැන සංවේදී සටහනක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකළ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත්වූ ගුවන් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් විශේෂ සටහනක් තබා තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී මෙම අනතුර සිදුව තිබුණි.

ඊයේ (30) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් – 212 හෙලිකොප්ටර් යානයක් වෙන්නප්පුව ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබා දෙමින් සිටිය දී හෙලිකොප්ටර් යානය හදිසි ගොඩබෑමක් සිදුකර තිබුණි.

එහිදී හෙලිකොප්ටර් යානය ඒ අසල ඇළකට වැටී අනතුරට පත්වුණි.

එම අවස්ථාවේ යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් 5 දෙනෙකු සිට ඇති අතර ප්‍රදේශවාසින් සහ පොලීසිය එක්ව ඔවුන් කඩිනමින් මුදාගෙන මාරවිල රෝහලට ඇතුළත් කර තිබුණි.

කෙසේවෙතත් එහිදී ප්‍රධාන ගුවන් නියමු විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා මියගිය බව පොලීසිය පැවසුවේය.

මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි වියේ පසු වන ගුවන් පැය 3,000 වැඩි ප්‍රමාණයක් සම්පුර්ණ කර තිබු පළපුරුදු ගුවන් නියමුවෙකු බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය.

අනතුරින් තවත් ගුවන් හමුදා නිලදාරීන් සිව්දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

හදිසියේ ජීවිතයෙන් සමුගත් මෙම ගුවන් නියමුවා ගැන සමාජ මාධ්‍ය පුරා සංවේදී සටහන් බොහෝමයක් පළ වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form