ට‍්‍රම්ප්ට වඩා වැඩ අනුර කරල තියෙනවා..- බිමල්

ඇමෙරිකාවේ ජනාධිපති ඩොලර් ට‍්‍රම්ප් මහතා මැතිවරණයෙන් ජය ගත්තේ පසුගිය නොවැම්බර් මාසයේදී බවත් ඔහු ධුරයේ වැඩ භාර ගැනීමට කාලයක් ගත් බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

එම කාලය ඇතුළතුලදී රාජ්‍යය යාන්ත්‍රණයට අවශ්‍ය නිලධාරීන් සියල්ල පත්කර දින 75ක කාලයක් තුළ බලය මාරු කිරීමට අදාළ රාජකාරී සිදු කළ බවත් ඔහු කියා සිටී.

දින 75 ක කාලයක් තිස්සේ හෝම්වර්ක් කර පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් බවත් පැවසූ ඔහු අනුර දිසානායක ට්‍රම්ප්ගෙන් ඉදගෙන ගන්නයි ඇතැමුන් පැවසුවද ඩොලර් ට‍්‍රම්ප් දින 75ට කලාට වඩා වැඩ අනුර දිසානායක ජනාධිපතිවරයා දින හැට තුනකට කර ඇති බවද කියා සිටියේය.

ට‍්‍රම්ප් ජනාධිපතිවරයා සමග ප්‍රශ්නයක් නැතත් ඔහු පළමු පෑන් පහරින් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම බවද හෙතෙම තවදුරටත් පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form