ටියුෂන් පන්ති තහනම් කල චක‍්‍රලේඛය අත්හිටුවා ඇත්තේ අගමැතිනිටත් හොරෙන්…

පාසල් ගුරුවරුන් තම පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට මුදල් අය කෙරෙන උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාතට අදාළව යැවූ චක්‍රලේඛය අත්හිටුවීම අධ්‍යාපන ඇමතිනිය වන අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ මැදිහත්වීමකින් තොරව ක්‍රියාත්මක වූවකැයි රජයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුව පිහිටුවීම සඳහා පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන්ගේ සහායද ලැබී ඇති හෙයින් ඔවුන් අමනාප කරගැනීම ඉදිරි මැතිවරණවලට බලපෑ හැකිය යන නිගමනය මීට හේතු වී ඇති බවට රජයේ පාර්ශ්වයෙන්ම චෝදනා නැගේ.

මේ කරුණ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ගෙන් විමසූ විට ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

“මේ චක්‍රලේඛය අලුත් එකක් නොවේ. දැනටමත් මධ්‍යම, උතුරු මැද, සබරගමුව හා දකුණ යනා දී පළාත්වල ක්‍රියාත්මක වෙනවා. තමන් පාසලේ උගන්වන දරුවන් ටියුෂන් පන්තියට නොපැමිණීම නිසා සිසුන්ට හිරිහැර කළ ගුරුවරුන්ට දඬුවම් දී තිබෙනවා.

ටියුෂන් මාෆියාව අපේ රටේ අධ්‍යාපනයට තර්ජනයක්. උසස් පෙළ විභාග කල් දැමීම පිටුපස ඉන්නෙත් ටියුෂන් මාෆියාවයි. ටියුෂන් නැතිව විභාග සමත් විය නොහැකිය යන භීතිය දෙමව්පිය සිත්වලට කාවද්දලා. ඒ නිසා රජය මෙය කැල්ලෙන් කෑල්ල ක්‍රියාත්මක නොකර පොදු තීන්දුවක් ගත යුතුයි.”

ලංකා ගුරු සංගමයේ විධායක සහිත අශෝක චන්ද්‍රසේකර ප්‍රකාශ කරන්නේ රටපුරා ඇති සියලු ටියුෂන් පන්ති නියාමනයකට ලක් කළ යුතු බවය.

හොඳ ගුරුවරයෙකු කිසි දිනෙක පාසලෙහිදී තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන් තම ටියුෂන් පන්තියට ගෙන්වා නොගන්නා බවද ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form